දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100ට වැඩි තද වැසි ...අකුණු අනතුරු ගැන නිවේදනයකුත්..

By Piyumika Nov 03, 2024 01:27 AM GMT
Report

මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

අනේ දෙවියනේ මෙහෙමත් තහනමක්...කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කරන්නත් එපාලු..

අනේ දෙවියනේ මෙහෙමත් තහනමක්...කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කරන්නත් එපාලු..

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.