වැස්ස වැඩිවීමක් ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව, අද (24) බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව පවසයි.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද එම නිවේදනයේ සදහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (55-60)ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර තද සුළංවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. 

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කරයි

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්

පාසල් වේලාව දිගු කළොත් දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක්