ඉදිරි පැය 24සදහා කාලගුණයෙන් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කෙරේ

Sri Lanka Weather
By Sewvandhi Oct 01, 2022 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරි පැය විසි හතරක කාලය තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර 3 ක් පමණ ඉහළ යාමේ හැකියාවක්ද පවතින බව සඳහන්.

එමෙන් ම ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික ප්‍රජාවටද මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මීට අමතරව ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යාහැකි බව සඳහන්ය. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now