පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක් - මේ Lunch Sheets සහ සිලි සිලි බෑග් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 15 දින, Lunch Sheets සහ LDPE/LLDPE වර්ගයේ “සිලි සිලි” බෑග් සම්බන්ධයෙන් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව එම අධිකාරිය සඳහන් කළේ දිස්ත්‍රික් කාර්යාලවලින් ලැබී ඇති මූලික වාර්තා අනුව, දිස්ත්‍රික්ක 22කින් උල්ලංඝන/සාර්ථක වැටලීම් 104ක් වාර්තා වී ඇති බවයි.

එසේම සිලි සිලි බෑග්වලට මුදල් අය නොකිරීම සහ Lunch Sheets වල නිෂ්පාදකයන්ගේ තොරතුරු සඳහන් නොකර බාල Lunch Sheets අලෙවි කිරීමට කටයුතු කිරීම යටතේ මෙම වැටලීම් සිදු කළ බව සඳහන්.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

එබැවින් Lunch Sheets සම්බන්ධ උල්ලංඝන 43ක් ද “සිලි සිලි” බෑග් සම්බන්ධ උල්ලංඝන 58ක් ද වෙනත් පොලිතින් ආශ්‍රිත උල්ලංඝන 3ක් ද කරන ලද විශේෂ වැටලීම්වලින් අනාවරණය කර ගත හැකි වු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ 2019.11.29 දිනැති අංක 2151/58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 70 අනුව Food Wrappers/Lunch Sheets සඳහා නියම කර තිබෙන ලේබල් කිරීමේ අවශ්‍යතා පිළිපැදිය යුතු බවයි.

එසේම මෙම විශේෂ වැටලීම්වලදී අඳාළ නියමයන්ට අනුකූල නොවන Lunch Sheets තොග දිස්ත්‍රික්ක රැසකින් හෙළි කරගෙන, අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නඩු භාණ්ඩ වශයෙන් භාරයට ගත් බව ද අධිකාරිය දන්වා සිටි‍යි.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ලෝකෙම හොයා ගෙන එන ලංකාවේ රාවණා ඇල්ල දියඇල්ල ආයේ බලන්න වෙන් නෑ.. ඇතුල්වීම තහනම් කරමින් දැන්වීමක්

ලෝකෙම හොයා ගෙන එන ලංකාවේ රාවණා ඇල්ල දියඇල්ල ආයේ බලන්න වෙන් නෑ.. ඇතුල්වීම තහනම් කරමින් දැන්වීමක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්