දෙවියනේ විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 කිලෝමීටර කණුව ආසන්නයේ සිදු වූ දරුණු මාර්ග අනතුරකින් විදෙස් ජාතිකයින් රැගෙන යමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් කුඩා ලොරි රථයක ගැටී ඇත.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පස්දෙනා තුවාල ලබා ඇති අතර, ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුත් සිටී.

ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

අනතුර අද (15) පස්වරු 4ට පමණ සිදු වූ අතර, වෑන් රථය මත්තල දිගුවෙන් බෙලිඅත්ත දිගුවට ගමන් කරමින් සිටියදී, කුඩා ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම සිදුවීම ඇතිවී තිබේ.

අනතුරෙන් ලොරි රථයේ කොටසක් ගැලවී අධිවේගී මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇති බව වාර්තා වී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගිලන් රථයකින් ඉක්මනින් තුවාල ලැබූ අයට මුලික වෛද්‍ය සේවාවන් ලබා දීමට ක්‍රියාත්මක වී, තුවාලකරුවන් තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇත. පොලිස් විසින් විමර්ශන ආරම්භ කර ඇත.

හෙටත් වසා තැබෙන පාසල් පිළිබඳව දැනුම්දීමක්

හෙටත් වසා තැබෙන පාසල් පිළිබඳව දැනුම්දීමක්