ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

Report

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව තම දැඩි ශෝකය පළ කරන බව ලෝක බැංකු සමූහය නිවේදනයක් මඟින් ප්‍රකාශ කර ඇත.

මෙම ස්වභාවික ආපදාව හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පෙන්වූ  ශක්තිය, එකිනෙකාට අත්වැල් බැඳ ගනිමින් ජීවිත බේරා ගැනීමටත්, යථා තත්ත්වයට පත් වීම සඳහාත් ගත් උත්සාහයන් ලෝක බැංකුව විසින් විශේෂයෙන් අගය කර ඇත.

එමෙන්ම ආපදා තත්ත්වය උද්ගත වූ මොහොතේ සිට ශ්‍රී ලංකා රජය විසින් ගත් කඩිනම් හා සංවිධානාත්මක පියවරද ප්‍රශංසනීය බව ලෝක බැංකු සමූහය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු

ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම, අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රජය ක්ෂණිකව ක්‍රියාත්මක වූ ආකාරය එම නිවේදනයේදී අවධාරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘති යටතේ පවතින අරමුදල් නැවත භාවිතා කරමින් හදිසි සහන ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවද ලෝක බැංකු සමූහය දැනුම් දෙයි.

මෙම අරමුදල්, සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑම්ට ලක් වූ ප්‍රදේශවල ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා යොදවනු ඇති බව සඳහන් වේ.

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට ජල කප්පාදුවක්