ගර්භණී කාන්තාවන්ට දීමනාව හෙට සිට
By Ashfa
හෙට (16) සිට පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇත.
ඊට අනුව පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 9.30ට වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 30 වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක් වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතය.