අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව අඳාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
එසේම සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවන බව සඳහන්.
මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා ඇති විය හැකි අනතුරුවලින් ආරක්ෂාකාරීව සිටින මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.