මහනුවර ප්‍රදේශට රතු නිවේදන

Report

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ එම නිවේනදය අද (15) ප.ව. 4.00 සිට හෙට (16) ප.ව. 4:00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ, මැදදුම්බර සහ ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇත.

තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හපුතලේ, හාලිඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, පාතහේවාහැට, අකුරණ, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගෙ කෝරළය, හතරලියද්ද, කුණ්ඩසාලේ, ⁠උඩුනුවර, දෙල්තොට, පාතදුම්බර, පන්විල⁠ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, ⁠මාවතගම සම ⁠රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, ⁠රත්තොට, ⁠අඹන්ගග කෝරළය, ⁠උකුවෙල, ⁠විල්ගමුව, ⁠යටවත්ත, ⁠මාතලේ, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, ⁠වලපනේ, ⁠හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, ⁠මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න කෑගල්ල දිස්ත්‍රික්කය: - දැරණියගල - ⁠රුවන්වැල්ල - ⁠දෙහිඕවිට - ⁠කෑගල්ල - ⁠ගලිගමුව - ⁠වරකාපොල - මාවනැල්ල - ⁠රඹුක්කන - ⁠අරණායක - ⁠බුලත්කොහුපිටිය⁠ - ⁠යටියන්තොට කුරුණෑගල දිස්ත්‍රික්කය: - ⁠පොල්ගහවෙල - ⁠අලව්ව නුවරඑළිය දිස්ත්‍රික්කය: - ⁠තලවකැලේ - ⁠නෝර්වුඩ් - ⁠අඹන්ගමුව කෝරලේ - ⁠කොත්මලේ බටහිර - ⁠කොත්මලේ නැගෙනහිර