ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි - මෙන්න රතු නිවේදනය නිකුක්වේ

By Shehan Oct 21, 2025 06:56 AM GMT
Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල මෙන්ම අනුරාධාපුර දිස්ත්‍රික්කයේ හෙට (22) පෙ.ව. 08:30 දක්වා තද වැසි සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි අඩු මට්ටමේ වායුගෝලීය කැළඹීමක් තීව්‍ර වී අඩු පීඩන ප්‍රදේශයක් දක්වා වර්ධනය වෙමින් බටහිර-ඊසාන දෙසට ගමන් කරන බවයි.

දිස්ත්‍රික්ක 10 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිස්ත්‍රික්ක 10 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

 මෙම පද්ධතියේ බලපෑමෙන් සමහර ස්ථානවල මි.මී. 150කට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බැවින්:

දිස්ත්‍රික්ක 19කට රතු අනතුරු ඇඟවීම් (ඉහළ අවදානම)

දිස්ත්‍රික්ක 6කට ඇම්බර් අනතුරු ඇඟවීම් (මධ්‍යස්ථ අවදානම)

අවදානම් - ගංවතුර, නායයෑම්, ආලෝක තරංග, තාප තරංග, වැව් ඉක්මවීම්. 



Gallery