නිරුවත් ඡායාරූප යැවීමේ චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ස්ථීර තහනමක්
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) බ්ලූස් කණ්ඩායමේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට, තම සිඩ්නි ශ්‍රේණියේ සමාජයේ තරුණ ක්‍රීඩකයින්ට තමන්ගේ නිරුවත් ඡායාරූප යැවූ බවට එල්ල වූ බරපතල චෝදනා මත, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ස්ථීරවම තහනම් කර ඇත.
නීතිමය හේතු මත නම් කිරීමට නොහැකි මෙම ක්‍රීඩකයාගේ ලියාපදිංචිය "ස්ථීරවම" අවලංගු කිරීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මණ්ඩලය හදිසි රැස්වීමකින් පසු තීරණය කළ බව වාර්තා වේ. මෙම තීරණයත් සමග ඔහු ක්‍රිකට් ආශ්රිත සියලුම ක්‍රියාකාරකම්වලින් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.
"බරපතල පැමිණිල්ලක් පිළිබඳව දැනුවත් වූ පසු, ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මණ්ඩලය වහාම ක්‍රියාත්මක වෙමින් ක්‍රීඩකයෙකුගේ ලියාපදිංචිය ස්ථීරවම අවලංගු කිරීමට තීරණය කළේය. ප්‍රතිඵලයක් ලෙස ඔහු ක්‍රිකට් ආශ්රිත සියලු කටයුතුවලින් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වීමට නොහැකි බව"
ක්‍රිකට් නිල ප්‍රකාශයක වෙන ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සඳහන් වේ.
චෝදනා ලැබූ ක්‍රීඩකයා NSW බ්ලූස් වෙනුවෙන් ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරග ක්‍රීඩා කර ඇති අතර බිග් බෑෂ් ලීගයේද සහභාගී වී ඇති වෘත්තීය ක්‍රීඩකයෙකි. සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ, එක් වින්දිතයෙකු විසින් නුසුදුසු ඡායාරූප සම්බන්ධයෙන් සමාජයට පැමිණිල්ලක් කළ බවත්, ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් චෝදනා එල්ල වී ඇති බවත්ය.
අදාළ සිඩ්නි ශ්‍රේණි සමාජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ,
"චෝදනා පිළිබඳව සමාජය දැනුවත් වූ වහාම ඒ බව ක්‍රිකට් NSWහි අඛණ්ඩතා ඒකකයට වාර්තා කළ බවත්, අදාළ බලධාරීන්ගේ පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින අතරතුර ක්‍රීඩකයා සියලුම සමාජ ක්‍රියාකාරකම්වලින් අත්හිටුවා ඇති බවත්ය."
මෙම සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්ම සහ තරුණ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නැවත සිහිපත් කිරීමක් වී ඇති අතර, පරීක්ෂණවලින් පසුව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.