අනේ දෙයියනේ ගෙවල් 6000ක් විනාසයි

Report

දිට්වා ආපදා හේතුවෙන් නිවාස 6,164 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති අතර තවත් නිවාස 112,110 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත.

මේ අතර දෙසැම්බර් (14) වැනිදා වන විට ආරක්ෂිත ස්ථාන 796 ක පුද්ගලයින් 72,911 ක් පදිංචිව සිටින බව සදහන් වන අතර දැනට අධි අවදානම් කලාපවල පිහිටා ඇති නිවාස 15,000 ක් බවටද හඳුනාගෙන තිබේ.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අද (15) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මේ බව අනාවරණ වී ඇත.

එමෙන්ම ජාතික ඒකාබද්ධ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතට යෝජිත සංශෝධන පිළිබඳ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණුවට

ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණුවට