නාය යෑමෙන් රෝහලක් වැසෙයි ජනතාව පීඩාවට
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ බදුල්ල ස්ප්‍රිංවැලි ප්‍රාදේශීය රෝහල පවතින නාය අවදානමක් හේතුවෙන් තාවකාලිව වසා දැමූ බවයි. මෙම රෝහල වසා දැමීම හේතුවෙන් ස්ප්‍රිංවැලි වත්තේ කම්කරු ජනතාව සහ ස්ප්‍රිංවැලි ඇතුළු ගම්මාන 5ක රෝගීහු බලවත් දුෂ්කර තාවයකට පත්ව ඇත.
මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ, මෙම රෝහලට ඉදිරියෙන් ඇති නමුණුකුළ කන්දේ බෑවුම් ප්‍රදේශයෙන් මෙම රෝහලට නාය අවදානමක් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බවය.
කෙසේ නමුත් රෝගීන්ට සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එම ප්‍රදේශයේ අභයපුර ප්‍රජා ශාලාවේ භාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
රෝහලේ අවදානම් තත්ත්වය පිළිබඳව තව දුරටත් පරීක්ෂා කර රෝහලෙන් කොටසක් හෝ මෙම ස්ථානයේම පවත්වාගෙන යාම පිළිබඳව අවදානය යොමුවී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ නමුත් තාවකාලිකව භාහිර ප්‍රතිකාර පවත්වාගෙන යන ස්ථානයට යාමටද නොහැකිසේ මාර්ගය අවහිර වී ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි.