කාලගුණය තවත් දරුණු අතට..ඔබත් මේ ප්‍රදේශවල නම් වහාම සැලකිලිමත්වන්න..!

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව, මධ්‍යම, සබරගමුව,දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 08 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය හෙට පස්වරු 04 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මෙහිදී කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම පවතින ප්‍රදේශ වෙත දෙවන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තේ.

මීට අමතරව බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.