ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමක්?

Pakistan
By Aruna Oct 07, 2021 02:07 AM GMT
Aruna

Aruna

Report

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි අගය රිච්ටර් මාපාංක 5.7ක අගයක් ගෙන ඇති බවටයි තොරතුරු සඳහන් වන්නේ.

මෙම භූ කම්පනය හේතුවෙන් 15කට වැඩි පිරිසක් මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

භූමිකම්පාව හේතුවෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුණාමි තත්ත්වයක් ගැන මෙතෙක් අනතුරු අඟවා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තව ද නැගෙනෙහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කලයේ දී හෝ රත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කරගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now