දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම නිසා ඇති වන මරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

face mask illness coid19
By Sewvandhi Sep 13, 2021 11:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වනවිට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ රෝගීන් කිහිපදෙනකු මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශවලින් තොරතුරු වාර්තා වේ. කොරෝනා වයිරස් ආසාදනයට ඍජු බලපෑමක් නැතත් දීර්ඝ කාලීනව මුව ආවරණ පැලඳීම හේතුවෙන් මෙරට තුළත් ‘කළු පුස් දිලීරය’ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

දැනටමත් ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ පිරිමි පුද්ගලයකු ජාතික රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වනවිට ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය බවත් අභ්‍යන්තරව අප කළ තොරතුරු විමසීමකදී හෙළි විය.

එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසකට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. එම පුද්ගලයාට මින් පෙර කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ අයකු බවත් හෙළි වේ. තවදුරටත් කළ විමසීමකදී හෙළි වුණේ තවත් එවැනි රෝගීන් කිහිපදෙනකුම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

‘කළු පුස් දිලීරය’ සම්බන්ධයෙන් මින් පෙර තොරතුරු හෙළි වූයේ ආසාදිත රෝගීන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම වාර්තා වීමත් සමඟය. දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැලඳීම හා අපිරිසුදු මුව ආවරණ පැලඳීම මඟින් මේ දිලීරය ආසාදනය වන බවට හෙළිවේ. ‘කළු පුස් දිලීරය’ ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් කිහිපදෙනා අතර ප්‍රතිශක්තීකරණයෙන් දුර්වල පුද්ගලයන් සිටින බවටත් ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජන වූ අයවලුන් බවටත් තොරතුරු වාර්තා වේ.

-----------------------------------------------

කොවිඩ් ආසාදිතව දරුවන් මිය යෑම වැඩි වෙලා - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now