නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට සම්මුඛ පරීක්ෂණ ඇරඹේ, ඉල්ලුම්පත් 83න් 36ම ප්‍රතික්ෂේපිතයි

Report

2025 වර්ෂයට ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් දේශපාලන පක්ෂ 47ක් මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගෙන ඇති බවට ප්‍රකාශ කළා.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

එමෙන්ම මේ වසරට දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඉකුත් පෙබරවාරි මාසයේ ඉල්ලුම්පත් කැඳවීම සිදුකළ අතර එහිදී ඉල්ලුම්පත් 83ක් ඉදිරිපත්වී තිබෙන බව වාර්තා වේ.

එසේ වුවත් එම ඉල්ලුම්පත් 83 අතුරින් ඉල්ලුම්පත් 36ක මූලික කරුණු පවා සපුරා නොතිබීම නිසා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ ‍කොමසාරිස් ජනාරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

එබැවින් ඉල්ලුම්පත් 47ක් සම්බන්ධයෙන් මූලික සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන අතර එම සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා පක්ෂ වෙනුවෙන් දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණවලට යොමුකිරීමට නියමිතව ඇත.

එසේම මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම සම්මුඛ පරීක්ෂණවලින් පසුව තෝරා ගන්නා පක්ෂ 2025 වර්ෂයට නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීම සිදුකරන බවයි.

ඒ අනුව මේ වන විට දේශපාලන පක්ෂ 86ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පවතින බව සඳහන්.  

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා