රට නෙවෙයි මොන තූත්තුකුඩියේ ගියත් ප්‍රයිවට් ටොයිලට් එකෙන් මළ මුත්‍ර ටිකත් සූට්කේස් එකකම දාන් ගෙදර ගෙනියන පුටින්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉකුත් දා ඇලස්කාවේදී පැවති හමුවත් සමග, පුටින්ගේ විදෙස් සංචාර හා සම්බන්ධ අමුතුම ආරක්ෂක ක්‍රමවේදයක් පිළිබඳව නැවත වරක් ලෝකයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඒ ඔහු විදෙස් සංචාරයට පිටත්ව යන සෑම විටකම ඔහුගේ මළ මූත්‍ර එකතු කිරීමට විශේෂ වැසිකිළියක් සහ බෑගයක් රැගෙන යාම සම්බන්ධවයි.
ඒ අනුව වාර්තා වූයේ ජනාධිපති පුටින් විදේශ සංචාරයක නිරත වන විට, ඔහුගේ ආරක්ෂක කණ්ඩායම රැගෙන යන වෙඩි නොවදින බෑග කිහිපයක් අතර, 'පූප් සූට්කේසය' (Poop Suitcase) වශයෙන් හැඳින්වෙන විශේෂ බෑගයක් තිබෙන බවයි.
සංචාරය අතරතුර ජනාධිපතිවරයාගේ මළ සහ මුත්‍රා සාම්පල එකතු කර, ඒවා සුරක්ෂිතව නැවත මොස්කව් නුවරට රැගෙන ඒම එහි අරමුණ බව සඳහන්.
එසේම මෙම අසාමාන්‍ය ක්‍රියාමාර්ගය පිටුපස ඇති ප්‍රධානතම හේතුව නම් ජනාධිපති පුටින්ගේ සෞඛ්‍ය සහ පෞද්ගලික තොරතුරු සුරක්ෂිත කර ගැනීම බව වාර්තා වේ.
යම් පුද්ගලයෙකුගේ මළ සහ මුත්‍රා සාම්පල විශ්ලේෂණය කිරීමෙන් ඔහුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය, පවතින රෝගාබාධ, ආහාර රටාව සහ ජීවන රටාව පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වේ.
ඒ අනුව තම ප්‍රතිවාදී රටවල් හෝ ඔත්තු සේවා මඟින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගැනීම වැළැක්වීම පුටින්ගේ අරමුණ බව පවසයි. එනිසා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විදෙස් සංචාරවලදී ඔහුගේ සියලුම ශරීර අපද්‍රව්‍ය මුද්‍රා තැබූ බෑග්වල අසුරා නැවත රුසියාවට ගෙන එනු ලබන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ 'පැරිස් මැච්' (Paris Match) නම් සඟරාව ප්‍රථම වරට හෙළිදරව් කර ඇත. ඒ 2017 දී පුටින්ගේ ප්‍රංශ සංචාරය සහ 2019 සෞදි අරාබි සංචාරය අතරතුර මෙම ක්‍රමවේදය නිරීක්ෂණය කර ඇති බවට එහි වාර්තාකරුවන් දෙදෙනෙකු සඳහන් කිරීමෙන්.
අනතුරුව 2022 දී 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' (The Independent) පුවත්පතද මේ පිළිබඳව වාර්තාවක් පළ කර තිබෙනවා.
මේ අතර හිටපු BBC මාධ්‍යවේදිනියක වන ෆරීඩා රුස්ටමෝවාද මෙම සිදුවීම් සනාථ කරමින් පුටින් ඇතැම් විට විදෙස් සංචාරවලදී තමාටම වෙන්වූ පෞද්ගලික වැසිකිළියක් (portable toilet) භාවිත කරන බව ප්‍රකාශ කර ඇත.
ඇයට අනුව, පුටින් මෙම පුරුද්ද තම පාලන සමයේ ආරම්භයේ සිටම අනුගමනය කරන්නක්. 2022 යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමග, ජනාධිපති පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විවිධ පුවත් පැතිරීමත් සමඟ ඔහු පිළිකා හෝ පාකින්සන් වැනි රෝගයකින් පෙළෙන බවට තහවුරු නොකළ වාර්තා පළ වුවද ක්‍රෙම්ලිනය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.