උතුරේ මිනිස්සුන්ට ජනබලවේගයේ මන්ත්‍රීන්ගෙන් තර්ජනයක්

Report

උතුරු නැගෙනහිර ඊයේ (අගෝ. 18) විශාල වශයෙන් පැවැත්වූ හර්තාලයේදී මඩකලපුව ප්‍රදේශයේ වසා දැමූ කඩවල් කිහිපයක් නැවත විවෘත කරන ලෙස බලකරමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් තර්ජනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පවසයි.

ඊට අදාළ සාක්ෂි සහිත වීඩියෝ ඇති බවද මන්ත්‍රිවරයා පවසයි. කෙසේ නමුත් ඊයේ දින පැවැත්වූ හර්තාලය ඉතාම සාර්ථක බවද මන්ත්‍රිවරයා පැවැසීය. මධ්‍යහන 12:00 වනතුරු මෙම හර්තාලය පැවැත්විණ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංග ගැන තීරණය අද

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංග ගැන තීරණය අද

ආණ්ඩුව බලයට පත්වන විට දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති වීම මෙම හර්තාලය පැවැත්වීමට හේතුව වන අතර හර්තාලය පැවැත්වූ පසුව හෝ ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙක් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කතා නොකළ බවට රාසමානික්කම් චෝදනා කළේය.

ඔහු පැවැසුවේ, හර්තාලයෙන් නොනැවතී තවත් ක්‍රියාමාර්ග ගත හැකිව ඇති අතර ඉදිරියේදී ආණ්ඩුව කිසිදු ඉල්ලීමකට ඇහුම්කන් නොදෙන්නේ නම් උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු පවා නැවැත්වීමට එහි ජනතාව සූදානමින් සිටින බවයි.

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

අද ඉඳලා රටටම සතොසෙන් සහල්

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවසුවේ, මෙය එක් දේශපාලන කණ්ඩායමක වුවමනාවකට සිදු කරන කාරණයක් බව යැයි පැවැසූ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ උතුරේදී පසුගියදා මුලතිව්හි පුද්ගලයන් හතර දෙනකුට හමුදාව යොදවා පහරදීම හා එහිදී තරුණයකු මියයෑම පිළිබඳව එම මාධ්‍ය හමුවේදී හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ එවන් දෙයක් සිදුව නොමැති බව නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එය අනුමත නොකරමින් එහිදී ඊට පරස්පර පිළිතුරක් දුන් බවය.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

තුසිත හල්ලොලුව අත්අඩංගුවට