බදු අඩු කරන්න අපි යෝජනා කළේ නැහැ.. ඒව සමාජ ජාලවල යන බොරු… මුදල් නියෝජ්‍ය ඇමති

Sri Lanka Sri Lanka Government Anil Jayantha Fernando
By Gagana News Feb 26, 2025 08:46 AM GMT
Gagana News

Gagana News

Report

මෙවර 2025 අයවැය ඇතුළේ පෙනෙන සංඛ්‍යාලේඛන ඔබ්බට දකිනා ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

මෙවර අයවැය රුපියල් සතවලින් එහාට ගොස් ජීවිතය දකින්න පුරුදු වෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය පිළිතුරු කතාව කරමින් කියා සිටියේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

මෙවර අයවැයෙන් කිසිදු වැට් බදු අනුපාතයක් ඉහල දැමීමක් සිදු නොකර ඇති බවත් ආදායම් බදු සඳහා සහනයක් දීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසුවේය.

බදු අඩු කිරීමට තම රජයෙන් යෝජනා කර ඇති බවට සමාජ ජාලවල පලවන්නේ අසත්‍ය බවත් පැවසූ එය තමන් ඉදිරිපත් කළ මතය විකෘති කර දැක්වීමක් බවත් කියා සිටියේය.

ඒ අනුව මෙවර අයවැය යටින් හංගා බදු අඩු කිරීමේ හෝ වැඩි කිරීමේ යෝජනාවක් නැති බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

 

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි

කාගේත් ආදරය ලැබූ මන්දිනු පෙරේරා කෙහෙල්බද්දර පද්මේ උණු කතාව... කාගේත් හිත කම්පා කරයි


ReeCha