උතුරෙන් හමුවූ ආභරණ වලට ලැබුණු අධිකරණ නියෝගය

Northern Province of Sri Lanka Law and Order Sinhala news
By Hashini May 05, 2025 08:40 AM GMT
Hashini

Hashini

Report

 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (මැයි 05) ජාතික ස්වර්ණාභරණ අධිකාරියට නියෝග කළේ ශ්‍රී ලංකා යුද හමුදාව මානුෂීය මෙහෙයුමේදී උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි එල්ටීටීඊ කඳවුරුවල තිබියදී සොයාගත් රන් ආභරණ, කිරා මැන බලා රන් ප්‍රමාණය හා බර ප්‍රමාණය අඩංගු සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෙලෙස සොයාගත් රන් ආභරණ අයිතම 10 000ක් පමණ ප්‍රමාණයක් මේ වන විට යුද හමුදා බුද්ධි බලකා මූලස්ථානයේ සේප්පුවල සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නේ එම ස්වර්ණාභරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් එකී විමර්ශනය සඳහා එම වාර්තා අවශ්‍ය බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කළ ඉල්ලීමකට අනුවයි.

එම විමර්ශන අවසන් වන තෙක් නිශ්චිත නිලධාරීන් කණ්ඩායමක් අඛණ්ඩව යොදාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය යුද හමුදා බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

එසේම ස්වර්ණාභරණ අධිකාරිය මඟින් කිරා මැන බලා ඉදිරිපත් කරනු ලබන රන් ආභරණ සුරක්ෂිතව තැන්පත් කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ද නියෝග කර සිටියා.

එමෙන්ම එම ආභරණ උතුරු නැගෙනහිර ජනතාව ස්ව කැමැත්තෙන් එල්ටීටීඊ සංවිධානය වෙත ලබා දුන්නාද නැතහොත් එම සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා ද යන්න පිළිබඳව වැඩිදුර සොයා බලන බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී සඳහන් කළේ.

සියලුම උපකුලපතිවරුන් UGCයට කැඳවයි....

සියලුම උපකුලපතිවරුන් UGCයට කැඳවයි....


ReeCha