"ඔබ නිහඬ වෙන්න ඕන නෑ" - අගමැති නීති කඩන හැටි උගන්වයි
By Lakshika
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
“තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”
මේ ආකාරයට ඇය පළාත් පාලන මැතිවරණ අවසාන ජන හමුව අමතමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා .
කෙසේ නමුත් රටේ ප්‍රබල වගකීම් දරණ නිළධාරිනියක් කල මෙම මැතිවරණ නීති උල්ලංඝනය කරන ප්‍රකාශ රටේ ජනතාව නොමග යවන බව සදහන් කල හැකිය.