ඡන්ද පෙට්ටි බෙද හරින නිලධාරීනුත් අපහසුතාවයක

Report

පළාත් පාලන ඡන්ද විමසීමට අඳාළව කළුතර ඡන්ද පෙට්ටි බෙද හැරීමේ මධ්‍යස්ථානය වූ කළුතර තිස්ස ජාතික පාසලට පැමිණි ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්, මැතිවරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් රැසකට එහි පැය ගණනාවක් රැඳී සිටීමට සිදු වූ බැවින් දැඩි අපහසුතාවයට පත් විය.

ඒ එම පාසලේ ප්‍රමාණවත් ලෙස කුඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම යන හේතු නිසා බවට තොරතුරු වාර්තා විය.

පැවති අධික අව් රශ්මිය සමඟ ඔවුන් දිගු වේලාවක් රැඳී සිට ඇත.

කථානායක බංගලාවේ ආහාර පානවලට විතරක් මාසෙකට ලක්ෂ තුනකට වැඩියි

කථානායක බංගලාවේ ආහාර පානවලට විතරක් මාසෙකට ලක්ෂ තුනකට වැඩියි

එහි දී ඇතැම් නිලධාරීන් ඡන්ද පෙට්ටි බිම තබා ඒ මත හිඳ සිටි බව ද වාර්තා විය. කුඩාරම් ඉදිකිරීමට භාර ගත් කොන්ත්‍රාත්කරු අවශ්‍ය ලෙස කූඩාරම් ඉදිකර නොතිබීමත් ඇණවුම් කළ ආකාරයට අවශ්‍ය ප්ලාස්ටික් පුටු ලබා දී නොමැති වීමත් මීට හේතු වූ බව මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමේ දී දැන ගත හැකි විය.

අඩක් නිම කළ කූඩාරම් සහ කූඩාරම් ඉදි කිරීමට රැගෙන ආ යකඩ බට ද ස්ථානයේ දැක ගත හැකි විය.

සියල්ල සූදානම් වන තුරු දිගු වේලාවක් රැඳී සිටි නිලධාරීන් වෙනුවෙන් පාසලේ පුටු ලබා දීමට ක්‍රියා කළ බව පාසලේ ගුරුවරයෙක් පැවසීය.

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කාර්යාලය ප්‍රකාශ කළේ ඉල්ලුම් කළ පුටු සපයා ඇතත් ඉතා වේගයෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හේතුවෙන් මෙම තදබදය ඇති වූ බවයි.