රටම කම්පාකළ සිරිපා කරුණාව

By Lakshika May 05, 2025 06:52 AM GMT
Report

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි.

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

එලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, වල්පිට සිට පැමිණි 47 හැවිරිදි දෙදරු මවකි. බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව නල්ලතන්නිය පොලීසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, නල්ලතන්නිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ගිලන් රථයෙන් ගෙන ගොස් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ.

ගල්කිස්සේ වෙඩි තැබීමක්...

ගල්කිස්සේ වෙඩි තැබීමක්...

මියගිය කාන්තාව සැමියා, දරුවන් සහ ගමේ පිරිසක් සමග වන්දනා බසයකින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර, ඊයේ (04) ශ්‍රී පාද වන්දනාව සිදුකර නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණදී ඇත. මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලීසිය පවත්වයි.