අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ අහසේ දැකගත හැකි දේ..
By Hashini
අද (05) රාත්‍රියේ සහ හෙට (06) මෙම වසරේ දැකගැනීමට හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.
විද්‍යාඥවරයා සඳහන් කලේ මෙමඋල්කාපාත වර්ෂාව ''ඊටා ඇක්වා ඊට්ස් '' නමින් හඳුන්වන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ හෙට (06) අලුයම 4-5ත් අතර කාලය තුල නැගෙනහිර අහස නිරීක්ෂණය කළහොත් මෙම උල්කාපාත වර්ෂාව ශ්‍රී ලාංකිකයන්ට පැහැදිලිව දැකගැනීමට හැකියාව පවතින බවයි.
පැයකට උල්කාපාත පනහක් පමණ මෙම උල්කාපාත වර්ෂාව තුලින් දැකගත හැකි වනවා.