ජනපතිගේ උපදෙස් මත හල්ලොලුවට විරුද්ධව NPPය CIDට

CID - Sri Lanka Police Sri Lanka Police Crime Branch Criminal Investigation Department National People's Power - NPP
By Shehan May 05, 2025 07:17 AM GMT
Shehan

Shehan

Report

තුසිත හල්ලොලුව විසින් ජනාධිපතිවරයාගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහිත බවට චෝදනා කරමින්, ඊට අදාළ පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා නීතිඥ අකලංක උක්වත්ත විසින් ඊයේ (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙය වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත සිදුවී ඇත.

අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම විසින් පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන් පූර්ණ ලිඛිත ප්‍රකාශයක් එම දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

චිකන්ගුන්යා හඳුනාගන්න අවශ්‍ය රසායනික කට්ටල රටේ නෑ…

චිකන්ගුන්යා හඳුනාගන්න අවශ්‍ය රසායනික කට්ටල රටේ නෑ…

ප්‍රකාශය භාරදීමෙන් පසු නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේ, මෙම සාහසික ව්‍යාජ ප්‍රකාශය ඡන්ද විමසීමකට ආසන්නව සිදුකිරීම අපරාධයක් බවයි. ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ ඇති ආදරය සහ විශ්වාසය බිඳ දැමීමට මෙම ව්‍යාජ ප්‍රකාශය සිදුකළ බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.

“තුසිත හල්ලොලුව නමැති පුද්ගලයා, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට එරෙහිව ඔහුගේ කීර්ති නාමයට හානි වන පරිදි ද්වේශ සහිත බොරු ප්‍රකාශයක් සිදුකර ඇති අතර, එය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විසින් පුළුල් ලෙස ප්‍රචාරය කරමින් සිටිනවා.”

 “මේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අපි උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඔවුන් ලිඛිත ප්‍රකාශයක් ඉල්ලා සිටි නිසා, ඒ අනුව එම ප්‍රකාශය භාර දුන්නා,” යනුවෙන් ඔහු පැවසීය.

අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපි සහය දීලා - හිටපු ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අතීතයේදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අපි සහය දීලා - හිටපු ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“අප විශ්වාස කරනවා හෙට දිනයේ සිට සීඅයිඩිය විසින් ඒ අසත්‍ය ප්‍රකාශයේ කාරණා සම්බන්ධව සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ සමාජ මාධ්‍යකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කාරණා ඉෂ්ඨ කරයි කියලා.” නීතිඥ අකලංක උක්වත්ත කීවේය.

ReeCha