මහේෂ් ගම්මන්පිලට ඇප
Sri Lanka Police
China
Prison
Sinhala news
By Ashfa
පසුගිය රජය සමයේදී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැව් ගෙන්වා, රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක ආර්ථික පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නමැති වරදකට සම්බන්ධ වී ඇතැයි සැකය මත මහේෂ් ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබුණි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට යොමුකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අල්ලස් දූෂණ විමර්ශන කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් ඇප මත මුදා හැරීමට නියෝගය නිකුත් කළාය.
