වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු - ඉන්දියාවෙන් ලංකාවට රැගෙන එයි

Report

වත්තල, කදිරාන ප්‍රදේශයේ හෝටලයක පැවැති උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අද (13) මෙරටට පිටුවහල් කර තිබේ.

අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන එන ලද මෙම සැකකරුවන් දෙදෙනා ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරගෙන අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මහේෂ්වරන් ලුසිනාත් සහ 34 හැවිරිදි ගනේෂන් විග්නේෂ්වරන් නමැති පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද පස්වරු 4.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

සැකකරුවන් මෙරටට රැගෙන එන බවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පූර්ව දැනුම්දීමක් කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි

වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් ජූලි 23 වන දින රාත්‍රියේ පැවැති උපන්දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව, මොවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් සක්‍රීයව සිදුකරනු ලබයි.

පිට වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

පිට වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්