දුම්රියේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක් - මේ මාර්ගවල දුම්රිය ගමන් නවතියි
ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අඹේපුස්ස සහ අලව්ව දුම්රිය ස්ථාන අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක් හදිසි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රියයන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බැවින්, මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.