භයානක අපරාධයක් - මිනී ඔළු දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

කැලණිය පොලිසිය විසින් කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකට යාබදව පවත්වාගෙන ගිය දේවාලයක තිබී මිනිස් හිස් කබල් දෙකක් සොයාගෙන ඇත. පසුව පොලිසිය විසින් අදාළ සිද්ධියට එම දේවාලය පවත්වාගෙන ගිය කපුවා ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පසුගිය 11 වනදා රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත. එහිදී දේවාල පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී මෙම මිනිස් හිස් කබල් දෙක හමුවී ඇත.

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු සඳහා වෙනත් පුද්ගලයෙකුගෙන් මෙම හිස් කබල් මිලදී ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.