පිට වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

Report

කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය අවධාරණය කරයි.

එම නිසා සමාජ මාධ්‍ය හෝ වෙනත් අයුරින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඇය විභාග අපේක්ෂකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

අම්බලන්තොට උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් කිසිදු ලෙසකින් විවෘත වීමක් හෝ නිරාවරණය වීමක් සිදුව නොමැති බවත්, විභාගයේ විශ්වසනීයත්වයට හා රහස්‍යභාවයට කිසිදු බලපෑමක් වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි