කුඩා දැරියකට අමානුෂික ප්‍රහාර - පාළු ස්ථානයකින් දරුවා සොයාගනී
අද (13) පොලීසිය විසින් අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමංකර දමාගොස් සිටි අවුරුදු හතරක් පමණ වයසැති දැරියක් වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක සොයාගෙන ඇත.
පසුව වත්තේගම පොලීසියේ කණ්ඩායම විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇති අතර ත්‍රීරෝද රථයකින් පැමිණ පෙරවරු 7ට පමණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක කරන අතර දරුවා රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් cctv දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය පවසන්නේ මෙම දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බවයි. දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.