යතුරුපැදි ධාවකයන් ප්‍රවේශම් වෙන්න - රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාවෙන් දැනුම්දීමක්

Report

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර පවසන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ යතුරුපැදිවලින් බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ යතුරුපැදි අනතුරු සහ තරුණ ජීවිත අහිමිවීම් ඉහළ යෑමක් ද මෙහිදී පෙන්නුම් කරන බවයි.

අද (13) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරු සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා වී ඇති බවයි. අද (13) දිනට අදාළ දත්ත හෙළි කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මේ වසරේ මේ දක්වා මෙරටින් මාරක රිය අනතුරු 1605ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1693ක් බවයි.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - පළාත් 5ක් ආවරණය කරමින් හදිසි පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - පළාත් 5ක් ආවරණය කරමින් හදිසි පරීක්ෂාවක්

නියෝජ්‍ය පොලිසිපතිවරයා සඳහන් කළේ මෙම කාලය තුළ බරපතල අනතුරු 3125ක්, සුළු අනතුරු 6477ක් සහ දේපළ හානි පමණක් සිදුවූ අනතුරු 2388ක්ද වාර්තා වී ඇති බවයි. පසුගිය වසරට සාපේක්ෂව සසඳා බැලීමේදී, මාරක රිය අනතුරු 79කින් සහ මියගිය සංඛ්‍යාව 88කින් අඩුවී ඇති බවත් මියගිය පිරිස අතරට පදිකයින් 555ක්, යතුරුපැදිකරුවන් 603ක්, පසුපැදිකරුවන් 119ක් සහ පාපැදිකරුවන් 115ක් ඇතුළත් වන බවත් ඔහු පැවසුවේය. මේ අතර, සමස්ත අනතුරු අතරින් යතුරුපැදිවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති අතර, එහි ප්‍රධාන වින්දිතයන් බවට පත්ව ඇත්තේ රටේ තරුණ පරපුර බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් පැවසුවේය.

"බරපතල අනතුරුවලට ලක්වෙලා ගොඩක් අය එක්තැන්වෙලා. ගොඩාක් මේ අය තරුණ ළමයි. මේවා සමාජයට පේන්නේ නෑ. අනතුර වෙන්න කළින් මේක බලන්න ඕන, වි‍ශේෂයෙන්ම වයස අවුරුදු 18 -20 වගේ තරුණ ළමයි මේ අනතුරුවල ඉහළින්ම ඉන්නවා. සමහර අය නිත්‍යානුකූල බලපත්‍රයක්වත් නෑ. මේ අයට මේ වැරදි කරන්න ඇතැම් දෙමාපියන් පවා උදව් කරනවා. දරුවන් විභාග පාස් වුණාම ‍යතුරුපැදි මිලදී ගෙන දෙන්නේ ඇතැම් දෙමාපියන්" යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකා පොලිසියෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් - නීතිමය පියවර ගැනීමට අනතුරු ඇඟවීම්

ලංකාවේ මාර්ග පද්ධතිය පිළිබදව සැලකිල්ලටල ගැනීමේදී වාහන ලියාපදිංචිය ඉහළ යෑම සහ අධික වේගය මේ අනතුරුවලට හේතුවී ඇති බව ද ඔහු පැවසුවේය. නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ලංකාවේ සමස්ත වාහන සංඛ්‍යාව මිලියන 9.2කට (ලක්ෂ 92) ආසන්න අගයක් ගන්නා අතර, ඉන් ලක්ෂ 52කට වැඩි ප්‍රමාණයක් යතුරුපැදි ලෙස ලියාපදිංචි වී ඇති බවයි.

පසුගිය වසර තුනක කාලය තුළ යතුරුපැදි ලියාපදිංචිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මාර්ග පද්ධතියට එකතු වන යතුරුපැදි ප්‍රමාණය වැඩිවීමද මාර්ග අනතුරු ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවත්, මීට අමතරව, තරුණ පරපුරේ අධික වේගය සහ අධික ශබ්ද නිකුත් කරන වාහන භාවිතය මෙම අනතුරුවලට ප්‍රධානම හේතුව බවත් මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.