ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඕමාන ව්‍යාපාරිකයන් යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Said Al Rashidi මහතා, ඕමානයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක Pankej Khimji මහතා සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර මෙම හමුව අද (13) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සිය පැසසුම් පළ කළ ඕමාන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව එරට ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර ඔවුන් මෙරට ආයෝජන සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පැවසීය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළ ආයෝජන කෙරෙහි ඕමාන ව්‍යාපාරිකයන්ගේ වැඩි උනන්දුවක් පවතින බව ඕමානයේ විදේශ වෙළඳ හා ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක Pankej Khimji මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, රජය අනුගමනය කරන මූල්‍ය විනය සහ විනිවිදභාවය හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශාල විශ්වාසයක් සහ උනන්දුවක් ගොඩනැගී ඇති බවයි.
දෙරට අතර ආර්ථික, වෙළඳ සහ ආයෝජන සබඳතා ඉදිරියටත් තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි ද මෙම හමුවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.