හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි
මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අම්බලන්තොට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වන අම්බලන්තොට මහා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් හමුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අද දින පැවැත්වීමට නියමිත සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් අඩංගු බහාලුම තුළ තිබී, අද පැවැත්වෙන විෂයන්ට පරිබාහිරව හෙට දිනයේ පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 06 මෙලෙස හමුවී ඇත.
කෙසේ වෙතත්, අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් කිසිදු ලෙසකින් විවෘත වීමක් හෝ නිරාවරණය වීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සනාථ කර සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.