මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර ගැන දැනුම්දීමක්

Report

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් සාර්ථකව ආරම්භ වී තිබේ.

නැකැත් චාරිත්‍රානුකූලව සිදුකළ කප් සිටුවීමේ මංගල්‍යයෙන් අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හි මෙම අභ්‍යන්තර පෙරහැර ගමන් කිරීම සිදු කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

මෙහිදී දේව ආභරණ තැන්පත් කළ කරඬුව සහ පූජා භාණ්ඩ පෙරහැරින් දේවාල පරිශ්‍රය වටා තෙවරක් පැදකුණු කිරීම සිදුවන අතර, ඒ අනුව සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් අභ්‍යන්තර පෙරහැර මංගල්‍යයන් 05 ක් පැවැත්වීමට නියමිතව ඇත.

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි

හෙට පැවැත්වීමට නියමිත උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් ලීක් - ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06 ක් සොයා ගනියි

අභ්‍යන්තර දේවාල පෙරහැර මංගල්‍යයන් අවසන් වීමෙන් පසු, සමස්ත රටවැසියන්ගේම අවධානය දිනාගන්නා මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම වීථි සංචාරය වන කුඹල් පෙරහැර එළඹෙන 18 වනදා අලංකාරවත් ලෙස වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.