හේරත්ගේ වාර්තාව ස්ටාර්ක් බිඳ දමයි - වමත් පන්දු යවන්නන් අතර ටෙස්ට් පිටියේ අංක එකට

Report

 ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නාගේ වාර්තාව, තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් අද (13) සමත් විය.

ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය (අගෝස්තු 13) වන අද දිනයේදීම ඔහු මෙලෙස ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් පන්දු යවන්නා බවට පත්වීමට හැකිවීම සුවිශේෂීය.

බංග්ලාදේශයට එරෙහිව ඩාවින්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ෂඩ්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවාගැනීමෙන් අනතුරුව ඔහුට මෙම අවස්ථාව උදාවිය. මේ වනවිට ස්ටාර්ක් තරග 105(ඉනිම් 202)කදී කඩුලු 434ක් දවාගෙන සිටියි.

ඔහු බිඳහෙලනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු විශිෂ්ටතම දඟපන්දු යවන්නෙකු වූ රංගන හේරත් පිහිටුවා තිබූ වාර්තාවයි. හේරත් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන විට තරග 93(ඉනිම් 170)කදී කඩුලු 433ක් දවාගෙන මෙතෙක් එම වාර්තාව සතුකරගෙන සිටියේය.

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි - ධනංජය නායකත්වයට දික්වැල්ලත් යළි කැඳවයි

ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි - ධනංජය නායකත්වයට දික්වැල්ලත් යළි කැඳවයි