මෝටර් රථ අනතුරක් නිසා නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවයි ..

Sri Lanka Water Cut Water
By Piyumika Jun 17, 2024 03:44 AM GMT
Piyumika

Piyumika

Report

කලටුවාව පවිත්‍රාගාරයේ ජල සම්ප්‍රේෂණ නළය පුපුරා ගොස් ඇති බව වර්තා වේ.කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නලයක් පුපුරා ගොස් තිබේ.හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වි තිබේ.

නුසුදුසු දේ ලග තබා ගෙන සිටි ජේලර්ට උන දේ ..

නුසුදුසු දේ ලග තබා ගෙන සිටි ජේලර්ට උන දේ ..


අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පවතින අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ. මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

මේ හෙතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියේය .

ඒ, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.