තත්වය දරුණු අතට .. ජනතාව වඩාත් අවදානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..
පවතින වැසි තත්ත්වයත් සමග දැදුරු, මහ සහ අත්තනගලු ඔයවල ජල මට්ටම් අවදානම් තත්ත්වයට ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මේ සම්බන්ධයෙන් එම ඔයවල් ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩාත් අවදානයෙන් සිටිය යුතු බවයි.
මේ අතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
ඒ අතර පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පැවසීය.
විවෘත කර ඇති දොරටු හයෙන් හතරක් අඩි 5 බැගින් සහ දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇත.
මේ හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 16600 ක ජල පරිමාවක් මුදා හැරෙන බවත් දැදුරුඔය පහළ ප්‍රදේශ වල පදිංචි ජනතාවට සහ දැදුරුඔය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් වලට සැළකිලිමත් වන ලෙසද ඉන්ජිනේරුවරයා පැවසීය.
මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් නොවන අතර එම ප්‍රදේශවලට ලැබෙන වැසි තත්වය අනුව එය වෙනස් විය හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
එමෙන්ම මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යයභාර ඉංජිනේරුවරයා පැවසුවේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටරය බැගින් විවෘත කළ බවය.
එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
-
NPP 57072
Jathika Jana Balawegaya
79.22% -
SJB 6492
Samagi Jana Balawegaya
9.01% -
NDF 3492
New Democratic Front
4.85% -
SLPP 2877
Sri Lanka Podujana Peramuna
3.99% -
OTHERS 2113
All Other Parties
2.93%