කොළඹ මෝචරියේ මළ සිරුරු ගැන ඇහෙන බය හිතෙන කතාව..
By Piyumika
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී ඇති ඇතැම් මෘත ශරීර හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන් පුස් බැඳී නරක්වී ඇති බව වාර්තා වේ.
මෙහි තැන්පත් කර ඇති ඇතැම් මෘත ශරීර වසරකට වඩා පැරණි ඒවාය. ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ තුළ මෘත දේහ හැට හයක් පමණ තැබීමට පහසුකම් තිබුණද ඒවායින් හතළිහක් පමණ අයිතිකරුවන් නොමැති නාඳුනන මළ සිරුරු බව ආරංචි මාර්ග පවසයි.
මේ තත්ත්වය මත රෝහල් තුළ මියයන පුද්ගලයන්ගේ සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට රැගෙන එන මළ සිරුරු තැබීමේදී ගැටලු මතුව තිබේ.
ඇතැම් මෘත දේහ කිසිම ආකාරයකින් හඳුනා ගැනීමට නොහැකි මට්ටමට නරක්වී පවතින නිසා පරීක්ෂණ කටයුතු කිරීමට ද අපහසුවී ඇත.
මෙම මෘත දේහ ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයේ අඩුපාඩු හේතුවෙන් රෝහල් මෘත ශාරීරාගාරය තුළ මෙසේ නරක් වූ මළ සිරුරු ගොඩගැසී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.