ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘතයි - පහළ ප්රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්
By Malith Madushan
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ (26) පස්වරුවේ සිට විවෘත කර තිබේ.
ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ, ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත වන බවයි.
ඒ අනුව, ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචි ජනතාව අවධානයෙන් හා සැලකිලිමත්ව සිටින ලෙස ජලාශය භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.