ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්
Water Cut
Water Board
By Sewvandhi
හෙට දිනයේදී (20) අලුත්වැඩියාවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව හෙට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් මුරුංගන් නගරය, මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, පල්ලිමුනෙයි, එලුත්තූර්, තෝට්ටවේලි, එරුකක්කලම්පිඩි, වංකාලෙයි, අඩම්පන්, තිරුකේදීස්වරම්, නාගතාල්වූ සහ සිරුතෝප්පු යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
