ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්.
Sri Lanka
Water Cut
Water Board
Water
By krishani
අප්‍රේල් 25 වන අඟහරුවාදා පෙරවරු 9 සිට සවස 6 දක්වා පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ සහ බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.
ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර (උතුර /දකුණ ) , මොරොන්තුඩුව ,බෝම්බුවල ,පිලමිනාවත්ත ,දර්ගානගරය ,බෙන්තොට ,අළුත්ගම ,කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |