විශේෂ නිවේදනයක් මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - ආයේ ජලය ලැබෙන්නේ මෙහෙමයි
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (02) සිට අප්‍රේල් මස 10 වනදා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව දිගු කාලීනව ජල සැපයුම ඇණහිටීම වළක්වාලමින් ජලය කළමනාකරණය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණ වන අතර, ඒ අනුව බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය තුනක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මේ අතර පාදුක්ක, හෝමාගම, පැලන්තවත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශ සඳහා රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක කාලයක් ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත වේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් අනතුරුව, නැවත දින තුනක කාලයක් අඛණ්ඩව ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අත්‍යවශ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ජලය රැස් කර තබා ගන්නා ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.