ජල කප්පාදුවක්..
By krishani
හෙට (13) ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය එම මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |