දේශපාලන අවුලක් නිසා ජල සැපයුම කපා දමයි..සෞඛ්‍ය අංශය දැඩි අපහසුතාවට..

Hospital Water cut Nuwaraeliya Wasudewa nanayakkara
By Aruna Sep 22, 2021 03:18 AM GMT
Aruna

Aruna

Report

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන නානුඔය නගරයේ අලුතින් ඉදි කරන ලද ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත නුවරඑලිය ප්‍රාදේශිය සභාව විසින් ලබා දි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කිරිම නිසා එම ප්‍රාථමික ඒකකයෙන් ඉකුත් (19) දින සිට රෝගින්ට ප්‍රතිකාර කිරිම තාවකාලිකව අත්හිටුවා තිබිම හේතුවෙන් නානුඔය ප්‍රදේශයේ රෝගින් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ රු මිලියන 37ක ණය ආධාර යටතේ ඉදි කරන ලද නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය මේ මස (18) දින ජනතා අයිතියට පත් කෙරිණ.

(18) දින රෝහලේ ප්‍රථමික වෛද්‍ය ඒකකය විවෘත කිරිමේ අවස්තාවට නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ආරාධනා නොකරිමට උරන සභාපතිවරයා විසින් මෙතෙක් කල් එම ප්‍රාථමික වෛද්‍ය ඒකකයට ලබා දි තිබු ජල සම්බන්ධතාවය එදිනම විසන්ධි කර ඇති බවත්, රෝහල් පරිශ්‍රයේ කැලි කසල බැහැර කිරිමද ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ට සභාපතිවරයා විසින් තහනම් කර ඇති බවයි එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටින්නේ.

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ අමාත්‍ය සි.බි.රත්නායක මහතාට පමණක් විවෘත කිරිමේ අවස්තාවට එම රෝහලේ සංවර්ධන කමිටුව විසින් ආරාධනා කර ඇති අතර, එම අවස්තාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම අවස්තාවට ආරාධනා නොකිරිම නිසා රෝහල විවෘත නොකර රාජ්‍ය අමාත්‍යයවරයා රෝහල් පරිශ්‍රයෙන් ඉවත්ව යැමෙන් අනතුරුව අමාත්‍ය සි.බි.රත්නායක මහතා වෙනුවෙන් පැමිණි ඔහුගේ සහෝදරයා වන එස්.බි.රත්නායක මහතා විසින් රෝහල් පරිශ්‍රය විවෘත කර ඇත.

දන්ත සෞඛ්‍ය ඒකකයක් , බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය රසායනාගාරයක් ,හදිසි ප්‍රතිකාර ඒකකයක් , වෛද්‍ය නිල නිවාස , විවේකාගාර දෙකකින් සහ තවත් පහසුකම් ගණනාවකින් නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය ඉදි කර ඇත.

මෙම රෝහල තුලින් නානුඔය ප්‍රදේශයේ වතු පහක සහ ගම්මාන තුනක පදිංචි දහ නව දහසක් පමණ ජනතාවට ප්‍රතිකාර ලබා ගැනිමට ඇති ළගම රෝහල වන්නේද නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයි.

රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව දැත් සේදිමට සහ රෝහලේ දෛනික කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් නොමැති නිසා යලිත් ජල සම්බන්ධතාවය ලබාදෙන තෙක් රෝහලේ ප්‍රතිකාර කිරිමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රෝහල විවෘත කිරිමේ අවස්තාවට තමන්ට ආරාධනා නොකිරිම නිසා එම රෝහල වෙත ලබාදි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි නොකල බවත්, එම රෝහල ප්‍රතිසංස්කරණය කිරිමට ප්‍රථම තම ප්‍රාදේශිය සභාව වෙත ජල ගාස්තු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රු පනස් හතර දහස් හත්සිය හැත්තැ අටයි සත හැත්තැවක් සභාව වෙත ගෙවිම ඇති නිසා රෝහල වෙත ලබා දි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කල බවයි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාගේ ඉල්ලිමක් මත යලිත් කඩිනමින් එම රෝහලට ජල සම්බන්ධතාවය ලබා දිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now