හදිසියේම ප්‍රදේශ රැසකට ජලය කපයි..එම ප්‍රදේශ මෙන්න..

By Aruna May 27, 2022 03:38 AM GMT
Report

අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක් සිදුවනවා.

ඒ, පෙරවරු 08 සිට පස්වරු 04 දක්වායි. ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම අද පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now