හදිසියේ ප්‍රදේශ කිහිපයකම ජල කප්පාදුවක්..

Water cut
By Sithumi Mar 18, 2022 04:03 PM GMT
Sithumi

Sithumi

Report

ජලය සැපයෙන නල මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. 

 ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය, රත්මලාන, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශවල මේ මොහොතේ සිට පැය 24ක කාලයක් එලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක විය හැකි බවය. කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය දැනුම්දෙයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now