වසන්ත මුදලිගේ යළි ඇතුලට දැම්මේ අසත්‍ය චෝදනා මතද? නීතීඥවරු හෙළි කළ ඇත්ත මෙන්න. (VIDEO)
By Wayomi
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
එදින මෙම සැකකරුට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳ සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කළ ලෙසයි මහෙස්ත්‍රාත්වරිය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියෝග කළේ.
කෙසේ වෙත්ත මේ සම්බන්ධයෙන් මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ගොනු කර තිබූ B වාර්තාවට අනුව ඔහුට නගන චෝදනා අසත්‍ය බවයි.
එහිදී ඒ සම්බන්ධයෙන් නීතිඥවරු අදහස් දැක්වූයේ මෙලෙසින්,