තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු

Report

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ .

මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කර තිබේ.

තිළිණි ප්‍රියමාලි ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳවූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

  ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිට ඇත මෙහි තවත් සැකකාරියක වන දැනට රිමාන්ඩ් භාරයේ සිටින ජානකී සිරිවර්ධන යන අය වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි ඇයගේ නීතිඥවරයා සදහන් කර තිබේ

මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටින අතර විදෙස් ගතවීමට කළ ඉල්ලීමට ද අවසර ලැබිණි තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31වනදා යළි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප